බස්නාහිරින් පිටවන - ඇතුළුවන ස්ථාන රැසක අද සිට පරීක්ෂණ

අප්‍රේ 29, 2021

    අද (29) දහවල් 12.00 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිතයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකෙරෙන බවයි.

    එහිදී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ජනතාව යොමුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    පරීක්ෂාවන් සිදුකරන ස්ථාන...

    1. කොච්චිකඩේ තෝප්පුව පාලම
    2. කොටදෙණියාව බඩල්ගම පාලම
    3. නිට්ටඹුව හැලගල හන්දිය
    4. මීරිගම ගිරිඋල්ල පාලම
    5. දොම්පේ සමනබැද්ද පාලම
    6. හංවැල්ල වනහාගොඩ පාලම
    7. අලුත්ගම බෙන්තර පාලම
    8. තිනියාවල හන්දිය
    9. ඉංගිරිය කැටකැදැල්ල පාලම
    10. බදුරලිය - කලවාන සමන් දේවාලය අසල
    11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
    12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල

    Latest News