අදිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ

අප්‍රේ 24, 2021

    කොවිඩ්-19 වසංගතය හමුවේ, මේ වනවිට පැතිර යමින් පවතින්නේ, ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව වෛරස් ප්‍රභේදයක් බැවින්, ඒ පිළිබඳ වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ අතර, කළුතර-දකුණු පොලිස් බල ප්‍රදේශයේ අදිකාරීගොඩ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    Latest News