රු.1000 ප්‍රතික්ෂේපයි - හාම්පුතුන්ගෙන් අලුත් යෝජනාවක්

ඔක් 25, 2018

    වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 තෙක් වැඩි කිරිමට වු ඉල්ලීම වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ. වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටු කිරිමෙන් වතු සමාගම්වල කඩා වැටීමක් සිදුවන බව ඔවුන් පවසති. 

    දැනට වතුකම්කරුවෙකුට දීමනා සිහිතව රුපියල් 805 ක වැටුපක් පිරිනැමේ. දිනක මුලික වැටුප රුපියල් 500 ක්, පැමිණිමේ දීමනාව රුපියල් 60 ක්, ඵලදායිතා දීමනාව 140ක්, මිළ බෙදිමේ අතිරේක දීමනවා රුපියල් 30ක් සහ සේවක ආර්ථ සාධක බැර කිරිම රුපියල් 75 ක් ලෙසින් දෛනිකව පිරිනැමේ.

    සාමුහික ගිවිසුමකට එළඹිමට ඉදිරිපත් වු යෝජනා 03ක් වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත. වැවිලිකරුවන්ගේ සංගමය සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡා අනුව දීමනා සහිතව දිනක වැටුපක් යෝජනාවි තිබේ. එය ප්‍රතික්ෂේප කරමින් දිනක වැටුප රුපියල් 1000 ක් කරණ ලෙස වතුකම්කරුවන් ඉල්ලා සිටියි.

    රුපියල් 1000ක දිනක වැටුප් ඉල්ලීම ඉටුකිරිමට නම් ඵලදායිතාව පදනම් වු ක්‍රමවේදයකට යොමුවිමට යෝජනාවි ඇත. එ අනුව වතුකම්කරුවන් කඩන සෑම අමු තේ දළු කිලෝවකටම රුපියල් 46 ක් ගෙවිමට වතු වැවිලිකරුවන් යෝජනා කර තිබේ.

    කෙන්යාවේ වතුකම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 443.30 ක්, දකුණු ඉන්දියාවේ එය රුපියල් 487.20 සහ ඇසෑමයේ රුපියල් 342 ක් බව වතු වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

    වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල කරමින් කොටගල නගරයේ වෙලදසැල්වල කළු කොඩි ඔසවා අද (25) වසා දමා තිබේ. හැටන් කොටගල අවට තේ වතුකම්කරුවන් සහ කොටගල නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ කොටගල නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්, වැන් රථහිමියන් ද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ව සිටියි.

    කොටගල නගරයේ විරෝධතාවට සමගාමිව හැටන් නොර්වුඩ් නගරයේ ද උද්ඝෝෂණයක් පැවති ඇති අතර වෙලදසැල්වල කළු කොඩි ඔසවා වසා තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:13

    Latest News