සුජීගේ ගෝලයාගේ හෙළිදරව්වට මේජර්ට මාංචු

ඔක් 25, 2018

    සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී පතරොම් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධව පදවි පරාක්‍රම පුර යුධ හමුදා කඳවුරේ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) සියඹලාණ්ඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනිණ.


    ඒ පසුගිය 21 වැනි දින වැල්ලවාය සිට ධාවනය වූ වෑන් රථයක සිටි සැකකරුවෙකුගේ ගමන් මල්ලේ තිබී ටී 56 ගිනි අවි පතොරොන් 2958ක් සහ පිස්තෝල පතොරොම් 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    දැනට බන්ධනාගායේ සිටින ජයලත් සුද්දා යන අයගේ කොන්ත්‍රාත්කරුවක් මත මෙම පතරොම් තොගය සියබලාණ්ඩුවේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටි බව සැකකරු ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ඇත. මෙම සැකකරු කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වේ. 

    ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුධ හමුදා මේජර් ශිරන්ත සංජීව දිසානායක(40) , හැවිරිදි ලාන්ස් කෝප්‍රල් අකිල සම්පත් (29), සෙබල මලින්ද මධුසංක (20) යන අය වෙයි. මෙම මේජර්වරයා රැඳී සිටි යුධ හමුදා නිවසට පිටුපස කැලෑබඳ ප්‍රදේශයක තිබී පතරොම් බහාලා තිබූ පෙට්ටි 04ක් ද සියඹලාණ්ඩුව විසින් සොයාගෙන ඇත. සියඹලාණ්ඩුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:11

    Latest News