සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නව නිලධාරීන් සිය ධූරයන්හි වැඩ බාරගනී (වීඩියෝ)

අප්‍රේ 05, 2021
  • සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහා පත් වූ නව නිලධාරීන් සිය ධූරයන්හි වැඩ බාරගැනීම අද සිදු කෙරිණ.

    ඒ, කොළඹ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේදී. වසර 101ක් පැරණි බෞද්ධ මහා සම්මේලන‍යේ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම ඊයේ පැවැත්විණ. සභාපති ධූරයට හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ සහ වෛද්‍ය අශෝක කමලදාස යන මහත්වරුන් තරඟ කළේය.

    වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් චන්ද්‍රා වාකිෂ්ඨ මහතා සභාපති ලෙස තේරී පත්විය. මින් පෙර සභාපතිවරයා ලෙස ක්‍රියා කළ ජගත් සුමතිපාල මහතා මෙවර තරග කිරීමෙන් වැළකී සිටියේය. නියෝජ්‍ය සභාපති ලෙස පත්වූයේ රොෂාන් මද්දුමගේ මහතායි. භාණ්ඩාගාරික ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතා අද ධූරයේ වැඩ බාරගත්තේය.

    මීට අමතරව සෙසු ධූරයන් සඳහා පත්වූ නිලධාරින් ද අද සිය ධූරවල වැඩ බාරගත්තේය. ඔවුන් සිය ධූරවල වැඩ බාරගනු ලැබුවේ ආගමික වතාවත් මධ්‍යයේයි.

    Last modified on සදුදා, 05 අප්‍රේල් 2021 20:07

    Latest News