සුජීව ගමගේ කළ පැමිණිල්ල අසත්‍ය බවට විමර්ශනවලදී හෙළිවේ

මාර් 25, 2021

    තමා පැහැර ගෙන ගොස් හිරිහැර කළ බවට මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ල අසත්‍ය එකක් බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි, කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

    පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ ‍කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම මාධ්‍යවේදියා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කළ බවයි. එම විමර්ශනයේදී අදාළ පැමිණිල්ල අසත්‍ය එකක් බවට කරුණු හෙළි වූ බව සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේය.

    ඔහුට මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට අනුබල දුන් පුද්ගලයින් සිටී නම්, ඔවුන් හඳුනා ගැනීම සඳහා තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බව ද ඔහු කියා සිටියේය. මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්නගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැණින. පැමිණිල්ල, ජූලි මස 29 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    Latest News