කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 86,227 දක්වා ඉහළට 

මාර් 20, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 86,227 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.35ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,726ක් ඇතුළත්. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අට ලක්‍ෂ 24,523 කට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ 8,938කට එන්නත ලබාදී තිබේ. එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ, 51 වැනි දිනටයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 322ක් ඊයේ හඳුනා ගැණින. ඉන් 290ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තාවූවන්. තවත් 24ක් විදේශයන්හි සිට පැමිණි අයවේ. සෙසු අට දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්. සුවය ලැබූ තවත් 283ක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය.

    කොවිඩ් 19 පුද්ගල මරණ 6ක් ඊයේ වාර්තා විය. ඒ, පොල්ගහවෙල, සුදුහුම්පොළ, වත්තල, පිටකෝට්ටේ, ගනේමුල්ල සහ ශිලාවතුර යන ප්‍රදේශවලින්. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70,72, 73, 79, 83 සහ 96 යන වයස්වල පසුවූ 6ක්.

    Last modified on සෙනසුරාදා, 20 මාර්තු 2021 17:35

    Latest News