ගුවන් යානා ක්ෂේත්‍රෙය් නඩත්තු කටයුතු අන්තර්ජාල මට්ටමින් ශ්‍රී ලංකන් සැරසෙයි

මාර් 18, 2021

    ගුවන් යානා ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය පහසුකම් හා නඩත්තු කටයුතු අන්තර්ජාතික මට්ටමින් සිදුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. එම සංගමයේ ඉංජිනේරු හා නඩත්තු අංශය සමග හෝටල් ත්‍රිහන්ඩ්‍රන්ඩ් සික්ස්ට් ගුවන් සමාගම ඇති කර ගත් ගිවිසුමකට අනූව එම පහසුකම හිමිවෙයි. 

    ඒ අනූව එයාර් බස් 320, ඒ 321 ඒ 330 යන ගුවන් යානා සඳහා පූර්ණ ඉංජිනේරු සේවා ලබා දීමට හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ශෙවන්ත වීරසේකර මහතා ප්‍රකාශ කරයි. මෙම විශේෂඥභාවය ලොව ඕනෑම රටක ගුවන් යානා සමාගමකට ලබා ගත හැකියි.

    සීෂෙල්ස්,සිංගප්පූරුව,චීනය,ඉන්දියාව,කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරෙන් යන රටවල ජාතික ගුවන් සේවා බලධාරීන්ගේ අනුමැතිය ද මෙම පහසුකම් සඳහා ලැබී තිබේ.

    ඉදිරියේ දී ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශය කොළඹ හා මාලේ ගුවන්තොටුපොළවල සහ තවත් බොහෝ ගුවන් සේවා පාරිභෝගිකයින්ට බී 777,බී 737,බී 787 හා ඒ 350 වැනි සහතික ලබාදීම ආරම්භ කරනු ඇති.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය ලොව ගෝලීය ප්‍රමිති සහතික කිහිපයක් ලබාගෙන ඇති කීර්තිමත් ආයතනයක්. ඒ අනූව, සහතිකලත් නඩත්තුව,මූලික නඩත්තුව හා ඉංජිනේරු වැඩපොළ සඳහා වන සහතික ද එම අංශය දිනාගෙන තිබේ. අදාළ ඉංජිනේරුමය කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොපොළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කෙරෙනු ඇති.

    Latest News