ලොව ප්‍රථම වරට කොවිඩ්-19 100% නසන මුහුණු ආවරණයක් (වීඩියෝ)

මාර් 03, 2021
  • ලොව ප්‍රථම වරට කොවිඩ්-19 වෛරසය සියයට සියයක් නසන මුහුණු ආවරණයක් නිපදවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.

    “රෙස්පිරෝන් නැනෝ ඒ වී නයින්ටි නයින්“ නමැති එම මුහුණු ආවරණය අද මහනුවර දී නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “ රෙස්පිරෝන් නැනෝ ඒ වී නයින්ටි නයින්“ මුහුණු ආවරණය නිපදවීමේ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ, මහාචාර්ය ගාමිණි රාජපක්‍ෂ මහතායි.

    නව නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළක් සකස් කර ගැනීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහයෝගය ලබාදී තිබේ. අපනයන ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති සරසවි අපනයන ආයතනය ඊට සහය දක්වයි. මේ මුහුණු ආවරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වී ඇති අතර, රාජ්‍ය අනුග්‍රහය ඊට ලැබී ඇති බව පැවසේ.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් “රෙස්පිරෝන් නැනේ ඒ වී නයින්ටි නයින්“ මුහුණු ආවරණය පිළිබඳ ගෞරවය ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙත හිමිවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පේරදෛණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, නියෝජ්‍ය උප කුලපති සහ සියලුම පීඨාධිපතිවරු, මහාචාර්යවරු, ආචාර්යවරු හා “රෙස්පිරෝන් නැනෝ ඒ වී නයින්ටි නයින්“ මුහුණු ආවරණ නිෂ්පාදන කණ්ඩායම සහ ඉසෙබෙලා ලංකා පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 03 මාර්තු 2021 19:54

    Latest News