වයඹ පළාතේ මැටි ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් (වීඩියෝ)

පෙබ 21, 2021
  • වයඹ පළාතේ මැටි ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.

    එම කර්මාන්තකරුවන් පවසන්නේ මේ වන විට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමෙන් නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

    වැඩිම ඉල්ලුමක් පවතින්නේ ගෑස් භාවිතයෙන් ආහාර පිසීමට සැකසූ වලං ඇතුලු මැටි භාණ්ඩවලටයි. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලගොල්ල ගම්මාන ගෑස් වලං ඇතුලු භාණ්ඩ රැසක් මේ වනවිට නිෂ්පාදනය කෙරෙනවා. ඊට වඩාත් උචිත මැටි ගම්මානයේ පැවතිම ඉල්ලුම ඉහළ යාමට හේතුවී තිබෙනවා. කර්මාන්තකරුවන් පවසන්නේ මැටි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහාද මෙවන විට කටයුතු කරමින් සිටින බවයි. රජයෙන් මැටි නිෂ්පාදන ඇතුලු දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීම ද සිය නිෂ්පාදන ඉල්ලුම ඉහළ යාම කෙරෙහි බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 23:08

    Latest News