වවුනියාව වී අස්වනු නෙළීම අරඹයි

පෙබ 21, 2021

    වවුනියාව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.

    හෙක්ටයාර 19,000ක මෙවර වී වගා කෙරුණු අතර, වවුනියාව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලය පවසන්නේ, මෙට්‍රික් ටොන් 92,200ක අස්වැන්නක් ඉන් අපේක්‍ෂා කරන බවයි.

    රජය නිසි කලට පොහොර ලබාදීම හා ප්‍රමාණවත් තරම් වැසි ලැබීම හේතුවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබී තිබේ. අම්පාර පානම ප්‍රදේශයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම ද ක්‍රියාත්මකයි. ඒ, පානම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින්. එක් ගොවි මහතෙකුගෙන් වී කිලෝ 5,000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

    Latest News