සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරිමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.
මිට අමතරව රාත්‍රී සමාජ ශාලා සහ උත්සව සඳහා සිමා පැනවීමට ද තීරණය කර ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරිය පසුගිය දින කිහිපය පුරාවට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබු ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බවට සඳහන් කරයි.