තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතියේ මෙරටට

පෙබ 15, 2021

    මෙරට ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයත් විසින් ද එන්නත් ලබාදීමට නියමිත බවත්, ඒ එන්නතේ ප්‍රථම කොටස මාර්තු මාසයේ පළමු හෝ දෙවන සතියේ ලැබීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කරයි.

    ඒ අනූව ලබන සතියේ සිට සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News