ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ශාඛාව අද වැසේ

පෙබ 15, 2021

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙක් කෝවිඩ් ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් එම ආයතනය අද දිනයේ වසා තැබීමට තීරණය කළ බව සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා පවසයි.

    දුරකතන මගින් හෙට දිනය වෙන්කරගත් පිරිස් සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

    මේ අතර කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

    මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සාමාජිකයා රාජකාරි කටයුතුවලදී බාහිර පාර්ශ්ව සමග සම්බන්ධ වී නොමැති බවයි.

    ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    Latest News