ජයලාල් රෝහණ මහතාගේ අවසන් කටයුතු හෙට (14)

පෙබ 13, 2021

    අභාවප්‍රාප්ත සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගණේමුල්ල, කොස්සින්න නිවසේ තැන්පත් කර තිබේ.

    දේහය, කොළඹ සුදර්ශි ශාලාවට අද රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට සවස සිදු කෙරේ.

    කලක් රෝගීව සිටි ජයලාල් රෝහණ මහතා පසුගියදා දිවියෙන් සමුගත්තේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්. අද පස්වරු 6.00ට කොළඹ සුදර්ශි ශාලාව වෙත රැගෙන එනු ලබන දේහය හෙට ප.ව.4.00 දක්වා මහජන ගෞරවය පිණිස එහි තැන්පත් කර තිබේ.

    අවසන් කටයුතු හෙට සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

    Latest News