ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 1800ක ණය මුදලක්

පෙබ 10, 2021

    කොවිඩ් -19 වසංගතයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ අංශ යථා තත්ත්වයට පත් කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 1800ක ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමේ.

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ කොවිඩ් - 19 අර්බුද හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ පහසුකම ලබාදීමට නියමිත මේ ණය මුදල ආපසු ගෙවීමට වසර හතක කාලයක් හිමි වේ.

    සංචාරක, ඇගළුම්, ඉදිකිරීම්, වෙළෙඳ, නිෂ්පාදන, කාර්මික අපනයන, සොඛ්‍ය යන ක්ෂේත්‍රවලට අරමුදල් සැපයීමට මේ ණය භාවිත කළ හැක. කොවිඩ් - 19 වසංගතයෙන් ආර්ථිකයට එල්ලවූ බලපෑම හේතුවෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ද්‍රවශීලතා පහසුකම් ඉහළ නැංවීම මේ ව්‍යාපෘතියේ අරමුණ වේ.

    Latest News