ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට රකින සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ක්‍රියාත්මකයි.
ඒ අනුව මේ වසර තුල නව හෝටල් පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක හෝටල් කලමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති සංචාරක හා හෝටල් කලමනාකරණ ආයතනය හෙවත් හෝටල් පාසල හෝටල් හා සංචාරක ක්ෂේත්රයට අදාල වෘත්තිකයන් බිහි කරන මෙරට එකම හා ප්‍රධානතම ආයතනයයි.
කොළඹ ප්‍රධාන හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වෙයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මෙරට සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.