ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී නිසිත මහතා අභාවප්‍රාප්ත වෙයි

ජන 27, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී නිසිත වර්ණසූරිය මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.

    අවසන් කටයුතු පිළියන්දල, දොලේකන්ද සුසාන භූමියේ දී හෙට සිදු කිරීමට නියමිතයි. 1982 වසරේ රූපවාහිනී සංස්ථාව ආරම්භක යුගයේ සංස්ථා සේවයට එක්වූ නිසිත වර්ණසූරිය මහතා වසර 36ක් අඛණ්ඩව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියෙකු ලෙස ක්‍රියා කළා. ක්ෂේත්‍රයට ඔහු ග්‍රන්ථ රැසක් ද දායාද කර තිබේ. චලන චිත්‍රයේ කතාව, රූපවාහිනී සමීප රූප සුස්තකය යන ග්‍රන්ථ ඔහුගේ නිර්මාණයන්. සිනමා රූපවාහිනී ග්‍රන්ථ හා ලිපි රැසක් සම්පාදනය කිරීමට ද ඔහු ක්‍රියා කළා.වාර්තා වැඩසටහන්, ටෙලිනාට්‍යය, මැදිරි සංගීත වැඩසටහන්, විදේශ රූපගත කීරීම් රැසකට දායක වූ ඔහු ශ්‍රී ලාංකීය රූපවාහිනී සම්ප්‍රදායක් බිහිකිරීමේ පූරෝගාමියෙකි.

    " ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ සමාජ මුහුණුවර" නම් ග්‍රන්ථයේ කතුවරයා ද ඔහුයි.  රූපවාහිනි මාසික සඟරාවේ සංස්කාරවරයෙකු ලෙස ද ඔහු සේවය කළා. දේහය 38/1-12, සිද්ධමුල්ල, පිළියන්දල යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 10:23

    Latest News