පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩො. බිලියන 9.9ක් ඉක්මවයි

ජන 28, 2021

    අපේක්ෂිත ඉලක්ක අභිබවමින් පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 9.9ක් ඉක්මවා තිබේ.

    මේ බව දැක්වෙන්නේ, අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල.

    පසුගිය වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කළ භාණ්ඩ හා සේවා අපනයන ආදායම වූයේ, ඩොලර් බිලියන 9.5ක්. ඒහෙත් වර්ෂ අවසානයේ ඒම ආදායම වාර්තා වුණේ, ඩොලර් බිලියන 9.9ක ඉහළ අගයක් ලෙසයි.

    ඒ් අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වර්ධනය 104%ක් වේ. කොවිඩ්-19 වසංගතය මෙරට ව්‍යාප්තවීමට පෙර අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය වූයේ ඩොලර් බිලියන 13.5ක අපනයන ආදායමක්.

    ඒම වසංගතයත් සමඟ ඒම ඉලක්කය ඩොලර් බිලියන 9.5ක් ලෙස සංශෝධනය කෙරිණ. ඉකුත් වසරේ ජනවාරි මාසයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 1004.9ක් ලෙස වාර්තා විය.

    මාර්තු මාසයේදී ඒය මිලියන 656ක් සහ අප්‍රේල් මාසයේදී මෑත ඉතිහාසයේ අවම අපනයන ආදායම වාර්තා කරමින් ඩොලර් මිලියන 282.3ක් දක්වා පහත වැටුණේ කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

    නැවතත් ක්‍රමයෙන් වර්ධනය වූ මෙරට අපනයන ආදායම 2020 ජුලි මසෙයේදී ඩොලර් මිලියන 1085ක වාර්තාගත අගයක් දක්වා වර්ධනය විය.

    කොවිඩ්-19 දෙවැනි රැල්ලත් සමඟ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 819 දක්වා පහත වැටුණු මෙරට අපනයන ආදායම දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 931.65ක් දක්වා ඉහළ ගියේය.

    Latest News