මාතර, සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක්

ජන 16, 2021

    මාතර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය හා වාරි පහසුකම් නැංවීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

    මේ බව ප්‍රකාශ කෙරුණේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේදී. කිලෝ මීටර 41කින් යුත් වෙරළ තීරයේ සංචාරක ස්ථාන ආකර්ශනීය ලෙස සංවර්ධනයට අපේක්‍ෂිතයි.

    රැස්වීමට සහභාගි වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේ, මාතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමට හා වී ගබඩා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ප්‍රතිපාදන වැඩි කරන ලෙසයි.

    ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1100ක් වෙන් කිරීමට පියවර ගෙන ඇත. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200කට අධික මුදලක් වෙන් කර තිබේ.

    බීජ අළෙවිසැල් සඳහා බීජ සැකසුම් ඒකකයක් ඇරඹීම, තෙලිජ්ජවිල බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවි අලෙවි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කෙරේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සාකච්ජාවට එක්ව සිටියහ.

    Latest News