කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් 44,746ක් (වීඩියෝ)

ජන 16, 2021
  • කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 44,746 දක්වා ඉහළ ගොස් තිබේ.

    පූර්ණ සුවය ලැබූ 9,417ක් මේ මස ආරම්භයේ සිට අද දක්වා රෝහල්වලින් පිටව ගොස් තිබේ. රෝගයෙන් සුවය ලැබ දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ, ඉකුත් පළමුවැනි දිනයි. එම සංඛ්‍යාව 826ක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 487ක් ඇතුළත්.

    පොළොන්නරුව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 135ක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, ගම්පහ, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    PCR පරීක්‍ෂණ 15,146ක් ඊයේ සිදු කෙරිණ. මෙරට මෙතෙක් සිදුකර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 14 ලක්‍ෂ 71,406ක්.

    තංගල්ල නගරයේ ඊයේ අහඹු ලෙස සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ 45කදී කොවිඩ්-19 රෝගීන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. ඊයේ අහඹු ලෙස සිදු කෙරුණු PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 99ක්.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 03:55

    Latest News