රාජකාරියට නම්‍යශිලී වේලාවක් - කැබිනට් ප්‍රකාශක

ජන 12, 2021

    රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වාදීම කෙරෙහි මේ වනවිට රජයේ අවධානය යොමුව තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව සතියට පැය 40ක් රාජකාරී කටයුතු සිදු කළ යුතුය.

    එයට අනුව සමහර දිනවලදි වේලාසන යා හැකි අතර, සමහර දිනවලදී පරක්කුවී යා හැකි අතර අවශ්‍යවන්නේ පැය 40 සම්පූර්ණ කිරීම බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබේ යන්න එහිදී කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය

    Latest News