මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක පාඩුවක් - කෝප් කමිටුව

ජන 12, 2021

    මාර්ගගත ලොතරැයියකින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමිවී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

    මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීමෙන් අනතුරුව එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත නැවත ලබාදී නොමැති බව අනාවරණයවී තිබේ.

    මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දී ඇත.

    Latest News