විදේශයන්හි සිට අද තවත් පිරිස් දිවයිනට

ජන 08, 2021

    අද (08) ඉන්දියාවේ සිට පුද්ගලයින් 29 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු, ජපානයේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 157 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (08) දිනය තුළ මාලදිවයිනේ සිට පුද්ගලයින් 30 දෙනෙකු, ඉතාලියේ සිට පුද්ගලයින් 32 දෙනෙකු, බංගලාදේශයේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, යුක්රේනයේ සිට පුද්ගලයින් 159 (සංචාරකයින්) දෙනෙකු, මැලේසියාවේ සිට පුද්ගලයින් 05 දෙනෙකු, දකුණු අප්‍රිකාවේ සිට පුද්ගලයින් 35 දෙනෙකු, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 19 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (08) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 78 ක් තුළ

    පුද්ගලයින් 5,782 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (07) දිනය තුල PCR පරික්ෂ ණ 15,041 ක් සිදුකර ඇත.

    Latest News