18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇති අතර කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කර තිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.
මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.