ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත

ජන 23, 2019

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්වී තිබේ.

    ඒක ඡන්දයෙන් ඒ මහතා එම තනතුරට පත්විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා සුදුසු බවට යෝජනාව ගෙන ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින්.

    මේ යෝජනාව ස්ථිර කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින්. ලසන්ත අලගියවන්න මහතා එම තනතුරට පත්වූ දෙවැනි අවස්ථාව මෙයවේ.

    නිරෝෂන් පෙරේරා, අලිසාහිර් මවුලානා, බුද්ධික පතිරණ, වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, පාලිත රංගේ බණ්ඩාර, එස් ශ්‍රීධරන්, තුෂාර ඉඳුනිල්, චන්දිම ගමගේ, නලින්ද ජයතිස්ස, කාවින්ද ජයවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බන්දුලාල් බන්ඩාරිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ ගිණුම් පිළිබඳ කාරන සභාවේ සෙසු සාමාජිකයන්වේ.

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 18:48

    Latest News