දස ගුණයක කම්පන සිදුවුව ද වික්ටෝරියා වේල්ලට හානියක් නැහැ

ජන 06, 2021

    මහනුවර භූ කම්පන වලට හුණුගල් කැඩීම හෝ ගල් වැඩපළවල බලමෑපක් නොමැති බව කමිටු වාර්තාව පෙන්වා දෙනවා.

    මීට වඩා දස ගුණයක කම්පන සිදුවුවද වික්ටෝරියා වේල්ලට හානියක් නොවන බව ද එහි දැක්වෙනවා.

    පසුගිය කාලයේ මහනුවර ප්‍රදේශයෙන් නිරන්තරවම සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වුණා.

    ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කෙරුණේ ඒ අනුවයි.

    භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර පැල්පොල මහතා පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත අදාළ වාර්තාව භාර දුන්නා.

    මෙවැනි භූ කම්පන මිලියනයක් පමණ වසරකට සිදුවනවා.

    එය සාමාන්‍ය තත්ත්වයක් බවයි විද්වත් කමිටුවේ අදහස.

    කෙසේ වෙතත් දිගින් දිගටම හුණු ගල් කැඩීම අවදානම් බැවින් එය නියාමනයට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවා.

    Latest News