කෝටි 6ක අයිස් සමඟ 4ක් අත්අඩංගුවට

ජන 01, 2021

    ගාල්ල ධීවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවක තිබී රුපියල් කෝටි 6ක් වටිනා අයිස් කිලෝග්‍රෑම් 5. 9ක් හා හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමඟ සැකකරුවන් සිවු දෙනකු ඊයේ (31) කළ මෙහෙයුමකදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දුන් බවයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුත්, පානම හා මීගමුවේ පදිංචි පුද්ගලයන් දෙදෙනකුත් සිටින බව හෙතෙම කීය.

    කෙසේ වෙතත් වැටලීම කළ අවස්ථාවේදී එක් සැකකරුවකු පලා ගොස් ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ සැකකරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පැවසීය.

    Latest News