බස්නාහිරෙන් පිටව යන තවත් ආසාදිතයින් 13ක් හඳුනාගැනේ

දෙසැ 30, 2020

    ඊයේ (29) දිනයේ දී බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 13 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ස්ථාන 11ක දී මෙම පරීක්ෂණ සිදුකෙරුණු බවයි.

    මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

    මේ අතර, ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනා ගැනිණ.

    Latest News