අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

දෙසැ 29, 2020

    නිරෝධායන නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    අවසර නොගෙන සංවිධාන කරන සාද සහ කණ්ඩායම් වශයෙන් රැස්වන ක්‍රියාකාරකම් වැටලීමට පියවර ගන්නා බවයි, ඔහු කියා සිටින්නේ.

    නිරෝධායන රීතින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වැනිදා සිට අත්අඩංගුවට ගත් පිරිස අතරින් වැඩි සංඛ්‍යාවකට මේ වනවිට නඩු පවරා අධිකරණය මගින් දඩ නියම කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

    පසුගිය පැය 24 තුළ තවත් පුද්ගලයින් 28 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 දෙසැම්බර් 2020 13:42

    Latest News