රු. කෝටි 10 කට අධික කහ කිලෝ 20000ක් සමග 4ක් STF අත්අඩංගුවට

දෙසැ 27, 2020

    ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කි.ග්‍රෑම් 25000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කලමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

    විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත එම කදවුරේ මෙහෙයුම් අංශය විසින් හුංගම කලමැටිය ධීවර වරායේදී මෙම බහුදින යාත්‍රාව අද (27) අළුයම අත්අඩංගුවට ගෙන තිබිණි. යාත්‍රාව සෝදිසි කිරීමේදී සූක්ෂම අයුරින් මාළු අසුරන ටැංකි තුළ කහ අසුරන ලද ගෝනි පුරවමින් ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන එන ලද කහ තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

    අත්අඩංගුවට ගත් කහ තොගය කි.ග්‍රෑම් 25000කට අධික බව නිලධාරීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බේරුවල හා හුංගම ප්‍රදේශවල පදිංචි කරුවන්. සැකකරුවන් හා කහ තොගය අධිකරණ කටයුතු සදහා හුංගම පොලීසිය වෙත බාරදී ඇත.

    Latest News