කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 29,300 දක්වා ඉහළට (වීඩියෝ)

දෙසැ 22, 2020
  • කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,300 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 

    සුවය ලැබූ තවත් 618 දෙනෙකු රෝහල්වලින් අද පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 75ක් සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ, ගම්පහ, හම්බන්තොට, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    මේ මස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගය වැළඳුණු 12,310 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.  සුවය ලබා මේ දක්වා දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ ඉකුත් 16 වැනි දිනයි.  ඒම පිරිස 785 දෙනෙක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 618 දෙනෙකු ඇතුළත්.

    මෙරට ඊයේ PCR පරීක්ෂණ 13,860ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති PCR පරීක්ෂණ  සංඛ්‍යාව 11ස් ලක්ෂ 45,420ක්. ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ නම් කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම අපහසු කාර්යයක් නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    මේ අතර කොවිඩ්-19 පුද්ගල මරණ 5ක් මෙරටින් අද වාර්තා විය. ඒ් කොළඹ-15, දර්ගා නගරය, මග්ගොන සහ කොළඹ 10 වන ප්‍රදේශවලින්.  වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් ද මරණයට පත්ව තිබේ. ඒම පස් දෙනා පසු වූයේ අවුරුදු 55, 63, 68, 77 සහ 83 යන වයස්වලයි.

    තලවකැළේ, ලිඳුල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ්-19 තවත් රෝගීන් 15ක් ඊයේ හඳුනා ගෙන තිබේ. ඔවුන් සම්බන්ධ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ආගමික කටයුත්තක් සඳහා කොළඹ ප්‍රදේශයේ සිට ඒම ප්‍රදේශයට පැමිණි පූසාරිවරයෙකුගෙන් ඔවුන්ට රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි.

    මේ අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 23ක් අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 1,675ක්.  

    Last modified on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 20:18

    Latest News