විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු පිළිබඳ පෙත්සම, විභාග කිරීම ගැන තීන්දුව ලබන බදාදා

දෙසැ 21, 2020

    මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් (Z-Score) ලකුණු සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර දෙනවද නැද්ද යන නියෝගය ලබන බදාදා(23) ප්‍රකාශකට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

    මෙම පෙත්සම් අද බුවනෙක අළුවිහාරේ , එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද තුන් වන දිනටත් සලකා බැලීම අවසන් වීමෙන් පසුවයි මෙම නියෝගය කෙරුණේ.

    Latest News