ලංකාවට පළමු සංචාරකයින් පිරිස රුසියාවෙන්

දෙසැ 20, 2020

    රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී තිබේ.

    ඒ අනුව සංචාරකයින් 200ක පමණ පිරිසක් ලබන 26 වන දින කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

    දිවයිනට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයින් දැනුවත් කිරීම මේ වන විටත් සිදුකර ඇත.

    සංචාරකයින් දිවයිනට පැමිණීමේ දී ඔවුන් ගුවන් තොටුපොළ තුළදී පීසීආර් පරීක්ෂණයට යොමුකෙරෙන අතර, ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විධිමත් ආකාරයෙන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන තිබේ.

    Latest News