නුවරඑළියේ නවාතැන් ගැනීමට PHI අවසරය අවශ්‍යයි

දෙසැ 19, 2020

    නුවරඑළිය නගරයේ සංචාරය සඳහා පිට පළාත්වලින් පිරිස් පැමිණෙන්නේ නම් අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත අවසරයක් අනිවාර්ය බව නුවරඑළිය මහ නගර සභාව පවසයි.

    එම නගර සභාවේ නගරාධිපති චන්ද්‍රලාල් කරුණාරත්න මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ කොවිඩ් - 19 නමැති වෛරසය ශීත දේශගුණික තත්වය මත ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බැවින් එම ව්‍යාප්තිය වැලක්වීමේ පියවරක් ලෙස නුවරඑළිය නගරය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

    නිරෝධායන නීතියට අනුව මෙම නගරයට පැමිණෙන පිරිස් කිසිම අවස්ථාවක නිරෝධායනය නොවූ බවට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කලයුතු බව ඔහු පවසයි.

    ඉදිරියේදී මෙම නගරය විදේශීය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා අවධානය යොමු කර සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ලිඛිත අනුමැතිය නොමැතිව කිසිම අයෙකු නුවරඑළියේ කිසිම නවාතැන් පොළක නවාතැන් නොදෙන ලෙසට දැනුම් දී ඇතැයි නගර සභාවේ නගරාධිපති චන්ද්‍රලාල් කරුණාරත්න මහතා පැවීය.

    Latest News