ලංකාවේ ආහාර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක් - ලෝක ආහාර සංවිධානය

දෙසැ 19, 2020

    කොවිඩ් -  19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි, ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

    ලෝක ආහාර සංවිධානයේ පුරෝකතන වලට අනුව ශ්‍රී ලංකාව ද ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් සහිත රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    මෙරට පාරිභෝජනය සඳහා කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනය ජාත්‍යන්තරව සිදුවිය හැකි සීමා කිරීම් හමුවේ මෙම තත්ත්වය උදාවිය හැකිය.

    එම නිසා රටක් ලෙස වෙනත් විසඳුම් කෙරෙහි ගමන් කළ යුතු බව ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි.

    ඊට මුහුණදීම සඳහා මෙරට වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමටත්, දිවයින පුරා විසිරී ඇති 50,000කට ආසන්න ග්‍රාමීය කුඩා වැව් අලුත්වැඩියා කර නඩත්තු කිරීමටත් රජය තීරණය කර ඇත.

    Latest News