සියළුම කෞතුකාගාර දෙසැ. 20 සිට යළි විවෘත කෙරේ

දෙසැ 19, 2020

    කොවිඩ් – 19 වසංගත තත්ත්වයත් සමග වසා දමා ඇති මධ්‍යම සංස්කෘති අරමුදලට අයත් සියලුම කෞතුකාගාර යළි විවෘත කිරීමට තීරණය කර ඇත.

    නිවේදනයෙක් නිකුත් කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අදිකාරී මහතා සඳහන් කළේ දෙසැම්බර් 20 වන දින සිට නැවත සියලුම කෞතුකාගර විවෘත කරන බවයි.

    ඉදිරියේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමට නියමිත නිසා දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම ‌කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා චක්‍රලේක ප්‍රකාරව මේ අනුව විවෘත වනු ඇත.

    Latest News