මහර සිද්ධියෙන් මියගිය 11ගේම සිරුරු හඳුනා ගැනේ (වීඩියෝ)

දෙසැ 10, 2020
  • මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය රැඳවූවන් 11 දෙනාගේම සිරුරු අද වනවිට ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබු බව පොලිසිය පවසයි.

    රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ සිරුරු 7ක් ඊයේ වනවිට හඳුනාගෙන තිබූ අතර, අනෙක් 4 දෙනාගේ සිරුරු අද හඳුනා ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි..

    මියගිය 11 දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරනු ලැබූවන්. මිනුවන්ගොඩ, බියගම, ජාඇල, ඒඩේරමුල්ල, වැලිවේරිය, අඟුරුවාතොට, වත්තල, කැලණිය හා සපුගස්කන්ද යන ප්‍රදේශවල පදිංචිව සිටි අය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

    වත්තල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි රැඳවූවන්ගේ සිරුරු බහුවිද මරණ පරීක්ෂණයකට ලක්කිරීම සඳහා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව අයිඩීඒච් රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

    මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට ඒහි සිරකුටි තුළ පැවති තදබදය වැඩි වශයෙන් බලපා ඇතැයි, සිදධිය පිලිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු කමිටුව පවසයි.

    ඊට අදාල මූලික වාර්තාවෙන් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇති බව, කමිටුවේ නියෝජ්‍ය ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 20:26

    Latest News