ගම් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීමට පියවර (වීඩියෝ)

දෙසැ 10, 2020
  • "වැඩ සමඟ යළි ගමට" වැඩසටහන හරහා ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය හා තරුණ තරුණියන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීම තුළින් ලබන වසර තුළ ගම් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන් සමඟ අද (10) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවේදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.

    තරුණ-තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩි දියුණු කර ක්‍රීඩා ආර්ථිකයක් ඇති කිරීමට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් බලාපොරොත්තු වන බවත්, ඒමඟින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඒහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙවර අය-වැයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු සඳහා මිලියන 8264ක මුදලක් වෙන් කර තිබෙන බවත්, අය-වැය ඉතිහාසය තුළ ක්‍රීඩා හා තරුණ කටයුතු අංශය සඳහා වැඩිම මුදලක් වෙන්කළ පළමු අවස්ථාව මෙය බවත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    කොවිඩ්-19 වසංගත තත්වය පැතිරීමත් සමඟ ආර්තථිකයේ විශාල පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීම ආර්ථිකයට විශාල ශක්තියක් බවත් ඒ් මහතා පෙන්වා දුන්නේය.

    ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම අවශ්‍ය වන බවත්, ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රීඩා පිටි සකස් කිරීමේදී ග්‍රාම සේවා වසමට ක්‍රීඩා සමාජයක් ආරම්භ කර ඒම ක්‍රීඩා සමාජයේ මුලිකත්වයෙන් ක්‍රීඩා පිටිය සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම සිදුකරන ලෙසත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    පාසල් මට්ටමින් ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය කිරීමේදී පළාත් අධ්‍යාපන කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ඒ් මහතා සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ලබන වසර වනවිට ග්‍රාමීය හා පාසල් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනයක් බලාපොරොත්තු වන බවයි.

    ඒමෙන්ම ගම් මට්ටමින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ක්‍රීඩා පිටිවල ග්‍රාමසේවා වසම් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ද ක්‍රීඩා තරගාවලින් පැවැත්වීමට කටයුතු කරන බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ක්‍රීඩා කුසලතාවන්ගෙන් පිරි ගමේ තරුණ තරුණියන් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ගෙනඒ්ම මෙම වැඩසටහනේ මුලික අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාව සඳහා සහභාගි වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 20:07

    Latest News