සේනා මඩින්න නුවරඑළිය සූදානම්

ජන 21, 2019

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සේනා දළඹුවන් ව්‍යාප්ත අවම කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

     

    ඒ අනූව, රාජ්‍යය අංශයේ සහ පෞද්ගලික අංශයේ සත්ත්ව ගොවිපොලවල් වල ගවයන් ආහාර පිණිස ලබාදීමට පිට පලාත් වල සිට ප්‍රවාහනය කරන  බඩ ඉරිගු ගස් යන්ත්‍රානුසාරයෙන් කුඩා කැබලිවලට කපා කොටස් කර ප්‍රවාහනය කිරිමට වැඩ පිලිවෙලක් මේ වන විටත් දියත් කර තිබේ.

    මේ පිළිබදව නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ගොවිපලවල් වල අයිතිකරුවන්ව දැනුවත් කර ඇති බවත්, එසේ කපා කොටස් කර කැබලි වශයෙන් ප්‍රවාහනය කරන බඩ ඉරිගු ගස් සම්පුර්ණයෙන්ම ආවාරණය කරන ලෙසටත් උපදෙස් දී ඇති බවයි, දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටින්නේ.

    Latest News