නාවික හමුදාවේ 70වන සංවත්සරය (වීඩියෝ)

දෙසැ 09, 2020
  • නාවික හමුදාවේ 70වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයන් 1700කට වැඩි පිරිසකගේ නිලයන් ඉහල දමා ඇත.

    එසේම “සිලෝන් රෝයල් නෙවි ” යන නමින් 1950 වසරේ දෙසැම්බර් මස 9 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටවනු ලබා තිබේ.

    වසර 30ක් පුරා පැවති යුද්ධයේ දී නාවික හමුදාව සයුර ආරක්ෂා කර මෙරටට මුහුදෙන් එල්ලවන තර්ජන මඩ පැවැත්වීමට විශාල කාර්යක් ඉටුකර ඇති අතර නාවික හමුදාව මේ වනවිට ගොඩබිම රාජකාරී සඳහා වැඩි සක්‍රීය දායකත්වයක් ලබාදේ.

    එමෙන්ම නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව අද (09)සිට ලබන 13 තෙක් ගාලු මුවදොර පිටියේ ඉදිරිපිට මුහුදු තීරයේ නෞකා දැක්මක් පැවැත්වීමට කටයුතු කර ඇත.

    Last modified on බදාදා, 09 දෙසැම්බර් 2020 20:28

    Latest News