මරණ දඬුවම හිමිවුවන්ගේ දඬුවම වසර 20කින් අඩු කිරීමේ යෝජනාවක්

දෙසැ 08, 2020

    සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටිනවා.

    සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මකවී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු කියා සිටියේ.

    බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

    Latest News