දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළට

දෙසැ 07, 2020

    දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.

    මේ වනවිටත් ඒ සඳහා රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

    මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

    දැනට දිනකට සිදු කෙරෙන්නේ PCR පරීක්ෂණ 13,000 - 14,000 අතර ප්‍රමාණයකි.

    මේ අතර රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් උපකරණ 100,000ක් පමණ රෝහල් අතර බෙදා දී තිබෙන බවත් එම පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ තීරණය කරනු ලබන්නේ රෝහල් බලධාරීන් බවත් වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටී.

    එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල දෙවන තොගයද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ලැබී ඇති අතර එය ඉදිරියේදී රෝහල් අතර බෙදා දෙන බව රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News