එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මේ මස අවසන්වීමට පෙර

දෙසැ 06, 2020

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ මාසය අවසන්වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව, එහි නව මහලේකම් ෂමල් සෙනරත් මහතා පැවසීය.

    පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තීරණය කඩිනමින් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

    පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරියේ දී කඩිනමින් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    Latest News