මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක්

දෙසැ 02, 2020

    අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට හා කොළඹ මාළු වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,979ක්.

    ඉන් පුද්ගලයින් 14,409ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. ඊයේ දින වන විට රෝහල් ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,593ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    උදෑසන 6.00 වන විට රෝහල් ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 257ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් රාජගිරිය,කොළඹ 12,‍ කොලොන්නාව හා කොළඹ 10 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඒ අනූව, අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 122ක්.

    Latest News