මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වෙන්කර ගැනීමට දුරකථන අංකයක්

දෙසැ 01, 2020

    මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

    ඒ, මීට පෙර හඳුන්වාදුන් දුරකථන අංක හරහා අදාළ සේවා ලබා ගැනිීමට එම අංක වලට ඇමතුම් ලබා ගැනීමට නොහැකියි.

    මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක් මීට පෙර හදුන්වා දී තිබුණේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

    ඒ, එම දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට සේවා ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහායි.

    කෙසේවෙතත් එම සේවා ලබා ගැනීමේදී තැරැව්කරුවන් වෙනත් ක‍්‍රම ඔස්සේ ජනතාවගෙන් මුදල් ගසා කන බවයි, අනාරවණය වන්නේ.

    ඒ අනුව සේවාලාභීන් පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා පැය 24 පුරාම සේවා වෙන්කර ගත හැකි අයුරින් නව දුරකථන අංකයක් හදුන්වා දීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

    එම දුරකථන අංකය වන්නේ 0112 - 67 78 77.

    Latest News