ඉදිරියේදී ලංගම - පෞද්ගලික බස්සේවා ඒකාබද්ධ කිරීමට පියවර

දෙසැ 01, 2020

    පාසල් සහ කාර්යාල සේවාවන් ආරම්භ කිරීමත් සමඟ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් ඒකාබද්ධව බස් රථ ධාවනය කිරීමට එකඟතාවයකට පැමිණි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

    හුදකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයින පුරා සෙසු ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

    පෞද්ගලික බස් රථ හිමියන් සමඟ කොළඹදී අද(30) කැඳවූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් බස් රථ වල ගමන් කරන්නනැයි පාසල් දරුවන්, කාර්යාල සේවකයන්, ඇතුළු මගීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

    බස්රථ 2000 ට වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාත තුළ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

    Latest News