පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ - සැකකරු අත්අඩංගුවට

නොවැ 29, 2020

    කුරුණෑගල, කොබෙයිගනේ, හාතලව ප්‍රදේශයේදි වැලි ලොරියකට යටකර පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි 12.00 ට පමණ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු හාතලව ප්‍රදේශයේ නීති විරෝධී වැලි ගොඩ දැමීමක් පරීක්ෂා කිරීමට ගොස් ඇති බවයි.

    එම අවස්ථාවේ අදාළ වැලි ලොරිය නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති බවත් ලොරිය නොනවත්වා පොලිස් නිලධාරියා යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    මේ අතර අදාළ පොලිස් නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම ලොරි රථයේ රියැදුරු නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකි.

    Latest News