ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට

නොවැ 29, 2020

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සංක්‍රමණික සේවකයින් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ස්විස්ටර්ලන්තයේ සහ සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය හිමිවී තිබේ.

    ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත සංක්‍රමණික සේවකයින්ට සිදුකරන PCR සංඛ්‍යාව වැඩි කිරීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000ක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම ස්වයංක්‍රීය PCR පරීක්ෂණ යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ 1300ක් පමණ සිදු කළ හැකිය.

    ඒ සඳහා පැය තුනක් වැනි කෙටි කාලයක් ගතවන අතර මෙමගින් පරීක්ෂණ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

    Latest News