හුදෙකලා ප්‍රදේශවල විශේෂ ජංගම වෛද්‍ය විමර්ශන

නොවැ 29, 2020

    හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිවෙස්වල සිටින විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ජංගම විමර්ශන සිදු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ සෞඛ්‍ය අංශවල දායකත්වය මත මෙම වැඩපිළිවෙල දියත් කරනු ලබන බවි.

    නිවෙස්වල සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව හැකිතාක් අවම කර ගන්නා ලෙස ජනාධිතිවරයා විශේෂයෙන් උපදෙස් දී තිබේ.

    ඒ අනුව විශේෂයෙන්ම යම් පවුලකින් කෝ ආසාදිතකයෙකු හඳුනාගනු ලැබුවහොත් එම නිවසේ සිටින නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් ගැන විශේෂයෙන් සොයා බැලීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පැවසීය.

    මේ වනවිට මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News